ඉතා ඈත අතීතයේ ජීවත්වූ මිනිසුන් විසින් විවිධ
ගණනය කිරීම් සඳහා ගණකරාමු භාවිතා කරන ලදී. ඒ අනුව ක්‍රි.පූ. 3000 පමණ චීන
වෙළඳුන් විසින් භාවිතාකල Abacus නැමති ගණකරාමු අද අප
දකින පරිගණකය බිහිවීම සඳහා මූලික විය.
Abacus
Pascaline
Charles Babbage - Father Of the Computer
Difference Engine
(Video නරඹන්න මෙතන Click කරන්න )
Analytical Engine
(Video නරඹන්න මෙතන Click කරන්න )
Tabulating Machine
ඉන් පසුව බිහිවූ Mark I පරිගණකය, පරිගණක ක්‍රියාකරුවෙකු
නොමැතිව විශාල ගණනය කිරීම් ස්වයංක්‍රීයව සිදුකල හැකි පළමු පරිගණකය විය මෙය ප්‍රමාණයෙන්
ඉතා විශාල වූ අතර ඉතා සංකිර්ණ නිපැයුමක් විය කොටස් 800,000 කින් හා සැතපුම් 500 ක දිගින් යුතු මුලු රැහන් ප්‍රමාණයකින් සමන්විත විය
ඉන් පසුව පරිගණක වල circuits සඳහා
රික්තක කපාට (Vacuum tubes) සහ memory සඳහා magnetic drums යොදා ගනිමින් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ විය. ඒවා ප්‍රමාණය අතින් ඉතා විශාල වූ අතර මිලෙන්ද අධික විය. එමෙන්ම එම පරිගණක වල දෝෂ සහගත තත්වයන්ද අධික විය. මෙම පරිගණක පළමු පරම්පරාවෙි පරිගණක ලෙස හැඳින්විය හැකිය.
Vacuum Tubes
magnetic drum
මෙම පළමු පරම්පරාවෙහි පරිගණක වලදී වරකදී එක් කාර්යක් පමණක් සිදු කල හැකිවූ අතර ඒ සඳහා ඔවුන් machine language එක ලෙස ද්වීමය සංඛ්‍යා නමැති ක්‍රමවේදය භාවිතා කරන ලදී.
ඒ අනුව රික්තක කපාට උපයොගී කරගෙන 1946 දී J.Presper Eckert සහ John Mauchly, විසින් “ENIAC” (Electronic Numerical Integrator & Calculator) නමමින් වු පළමු විද්‍යුත් පරිගණකය හ
William Shockley John Bardeen Walter Brattain
1st Transistor
Transistor
ඉන්පසුව vacuum tubes වෙනුවට transistors යොදා පරිගණක නිර්මාණය ආරම්භ විය. ඒ අනුව ප්‍රමුඛතම පරිගණක නිශ්පාදන සමාගම වූ IBM සමාගම විසින් 1959 දීනිපදවූ IBM 1401 පරිඝණකය දෙවන පරම්පරාවේ මුල්ම පරිඝණකයක් ලෙස දැක්විය හැක.IBM 1401
1960
දශකයේ මැද භාගය වන විට තෙවන පරමිපරාවේ පරිඝණක නිපදවූ අතර මෙම පරිගණක ප්‍රමාණයෙන් කුඩාවිය. එමෙන්ම වේගවත් විය. මෙම පරිගණක වල transistors ඉතා විශාල ප්‍රමාණයක එකතුවකින් නිපදවන ලද integrated
circuits (IC) භාවිතා කිරීම සුවිශේෂී ලක්ෂණයක්
විය. එමෙන්ම මෙතෙක් භාවිත කරන ලද punched
card හා print-out වෙනුවට
key-board, monitors වැනි
පහසු ආදාන හා ප්‍රතිදාන උපාංග මෙහි දක්නට ඇත
මෙම පරිගණකය තත්පරයකට සිදු කරන ගණනය කිරීම් බිලියන ගණනින් වැඩිවිය. එම නිසා මෙම පරමපරාවේ බොහෝ පරිගණක විද්‍යාත්මක සහ ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට යොදාගන්නා ලදී. පරිගණකයේ ක්‍රියාකාරිත්වය පහසු කිරීමට සහ වේගවත් කිරීමට operating systems හඳුන්වා දෙන ලදී.
IBM – System 360
ඉන් පසුව සිවුවන පරම්පරාවේ පරිගණක බිහි විය. මෙම පරිගණක වල
විශේෂිත වෙනස් වීමක් සිදු නොවූ අතර පරිගණක ප්‍රමාණයෙන් කුඩා වීම සහ වේගවත් වීම
සිදු විය. එයට හේතුව වුයේ කුඩා පරිපත විශාල ප්‍රමාණයක් එකතු කර ඉතා කුඩා ඉඩක
ස්ථාපිත කිරීමෙන් සාදන ලද silicon chips (Microprocessor / chip) භාවිතා කිරීමයි.
ඒ අනුව 1980 දී IBM සමාගම විසින් අද අප දකින තාක්ෂණය සහිත ප්‍රථම පුද්ගලික පරිගණකය (Personal Computer) හඳුන්වාදෙන ලදී.
No comments:
Post a Comment