Mother Board

MOTHER BOARD

System Unit එක තුල තිබෙන ඉතාම වැදගත්ම කොටස ලෙස Mother Board එක හැඳින්විය හැකිය. Mother Board එක නොමැතිව අනෙකුත් කිසිඳු Devices එකක් ක්‍රියාත්මක නොවෙි. System Unit එක තුල ඇති විශාලම Printed Circuit Board එක ලෙසද Mother Board එක හැඳින්විය හැක.

ලෝකයේ Mother Board නිෂ්පාදනය කරනු ලබන Manufactures ලා 100 ත් 150ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි වන අතර මේ වන විට Intel සමාගම Mother Board නිෂ්පාදනය නවතා ඇතත් ඔවුන්ගේ Chip Set මිලදී ගෙන වෙනත් ආයතන විසින් Mother Board නිෂ්පාදනය කරයි. එසේ Mother Board නිෂ්පාදනය කරන ආයතන කිහිපයක වෙළඳ නාමයන් පහත දැක්වෙි.

Mother Board එක හැඳින් වීම සඳහා System Board, Main Board, Logic Board යන නම් කිහිපයක්ම භාවිතා කරයි. System Unit එක තුල ඇති සෑම Device එකක්ම Mother Board එකට Directly සමිබන්ධ වී ඇති අතර එම  සෑම Device එකක්ම Control කිරීම සහ සහ ඒවා අතර Communicate කිරීම Mother Board එක මගින් සිදු කරයි.



Mother Board නිෂ්පාදනය කරනු ලබන Size එක සහ Shape එක අනුව එ්වා Stranded පහකට වෙන්කර ඇති අතර එය Mother Board Form Factor යනුවෙන් හඳුන්වනු ලබයි. එම Form Factors පහත පරිදි වෙි.

මෙම Mother Board සියල්ල අප භාවිතා කරන සාමාන්‍යය Casing වලට සම්බන්ධ කල හැක. මෙයින් ATX, Micro ATX, Mini ITX යන Form Factors වලට අයත් Mother Board අප විසින් වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.


එමෙන්ම සෑම Mother Board එකක් සඳහාම Model Number එකක් ඇති අතර එය අපට ඉතා වැදගත්වෙි. ක්ෂේත්‍රයේ ටික කාලයක් වැඩ කරන අයෙකුට තමාගේ පලපුරුද්ද අනුව Mother Board එකක Model Number එක දැනගත් සැනින් එහි Performance සහ එයට Compatible  වන අනෙකුත් Device සම්බන්ධයෙන් වැටහීමක් ඇතිවෙි.



එමෙන්ම Model Number එක දැන ගැනීම මගින් Manuals සොයා ගැනීම, Drivers Download කර ගැනීම, මෙන්ම Product එක Active Product එකක්ද, Discontinued Product එකක්ද යන්න සොයා බැලීම ද සිදුකල හැකිය.
Active Product එකක් යනු මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතින Mother Board එකක් වන අතර Discontinued Product එකක් යනු මේ වන විට නිෂ්පාදනය නවතා ඇති Mother Board එකක් වේ. අප Mother Board එකක් මිලදී ගැනීමේදී Active Product එකක් මිලදී ගත යුතුය. එමෙන්ම Model Numbers තුලින් බොහෝ විට Chip Set Number එකද සොයා ගත හැකිය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී Chip Set පිළිබඳ ලිපියේ විස්තර ඇතුලත් කරමි.
ඉහත සඳහන් කර ඇති පරිදි System Unit එක තුල ඇති සෑම Device එකක්ම Mother Board එකට Directly සමිබන්ධ වී ඇති අතර අප විසින් System Unit එකට පිටතින් සම්බන්ධ කරනු ලබන සියළුම Device ද සම්බන්ධ වන්නේ Mother Board එකටය. ඒ අයුරින් විවිධ Device සම්බන්ධ කිරීම සඳහා Mother Board එකෙහි විවිධ Slot/Socket, Port සහ Pin පිහිටා ඇති අතර එවාට සම්බන්ධ කරනු ලබන Device Control කිරීමසඳහා Chip Set වැනි ඉතා වැදගත් කොටස් ඇතුලත්ව ඇත.

අප එම Slot/Socket, Port සහ Pin පිළිබඳව සහ ඒවාට සම්බන්ධ කල හැකි Device මොනවාද යන්න මෙන්ම ඒවා ක්‍රියා කරන ආකාරය සහ Data Transfer වන Speed එක පිළිබඳව සහ Chips පිළිබඳව දැන සිටීම ඉතා වැදගත්වෙි. ඒ සම්බන්ධයෙන් ඉදිරි ලිපිවල විස්තර සඳහන්ව ඇත.

No comments:

Post a Comment