පරිගණකයක් යනු :- අප විසින් ඇතුලත් කරනු ලබන දත්ත, ලබා දෙන ලද විධානයකට අනුව සකස්කර, පිළිතුර තොරතුරු වශයෙන් ලබාදෙන Electronic උපකරණයකි.
පරිගණකයට ( CPU - Central Processing Unit ) දත්ත ඇතුලත් කිරීම (In-put) සඳහා මෙන්ම තොරතුරු ලබා ගැනීම (Out-put) සඳහා විවිධ Device සම්බන්ධ කරනු ලබයි. ඒවා In Put Device සහ Out Put Device ලෙස වෙන් වෙන් වශයෙන් හඳුන්වනු ලබයි.
In-put Device
පරිගණකය (CPU) වෙත දත්ත ඇතුලත් කිරීම සඳහා එයට සම්බන්ධ කරනු ලබන උපකරණ In-put Device ලෙස හඳුන්වනු ලබයි.
- Mouse
- Key Board
- Mic
- Scanner
- Joystick
- Optical Pen
- Bar Cord Reader
- Finger Machine
Out-put Device
පරිගණකය (CPU) ට අැතුලත් කල දත්ත අදාල විධානයන්ට අනුව සකස් කිරීෙමන් පසුව එම තොරතුරු බලා ගැනීමට හො වෙනත් Device එකකට ගබඩා කිරීමට හෝ Print එකක් ලබා ගැනීම සඳහා පරිගණකයට සම්බන්ධ කරනු ලබන උපකරණ Out-put Device ලෙස හඳුන්වනු ලබයි.
- Monitor
- Printer
- Speaker
- Head Phone
- Multi Media Projector
Both Device
පරිගණකය (CPU) වෙත In-put Device එකක් වශයෙන් හෝ Out-put Device එකක් වශයෙන් පොදුවෙි භාවිතා කල හැකි උපකරණ Both Device ලෙස හැඳින්විය හැකිය.
- CD / DVD
- Pen Drive
- Web Camera
- Fax
- Modem
- Digital Camera
- Touch Screen
CPU / System Unit
මෙය CPU ( Central Processing Unit - මධය සැකසුම් ඒකකය ) යන නමින් සහ System Unit යන නම් දෙකෙන්ම හඳුන් වනු ලබන අතර System Unit ලෙස හැඳින්වීම ඉතා සුදුසුය. එමෙන්ම මෙය පරිගණකයේ වැදගත්ම කොටස ලෙසද හැඳින්විය හැකිය.
ඉහත සඳහන් පරිදි මෙම System Unit එකට සම්බන්ධ කරනු ලබන In-put Device මගින් ඇතුලත් කරනු ලබන දත්ත අදාල විධානයන් වලට අනුකූලව සකස් කර එම තොරතුරු Out-put Device මගින් අප වෙත ලබා දෙනු ලබයි. එම ක්‍රියාවලිය ( Process ) සිදු කිරීම සඳහා මෙම System Unit එක තුල විවිධ කොටස් ඇතුලත්ව ඇත. එම කොටස් මූලික වශයෙන් පහත පරිදි වෙන්කර දැක්විය හැකිය.
ඉදිරි ලිපි වල මෙම කොටස් එකින් එක පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තරාත්මකව කරුණු ඇතුලත්ව ඇත.

- Mother Board
- Processor
- Memory (RAM)
- Hard Disk
- Power Supply
- CD/DVD Drive (Optical Drive)
ඉදිරි ලිපි වල මෙම කොටස් එකින් එක පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තරාත්මකව කරුණු ඇතුලත්ව ඇත.
No comments:
Post a Comment